25 C
Colombo
Tuesday, November 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුපියල් 30ට බිත්තර දුන්නොත් අඩුවට කේක් කන්න පුළුවන්

රුපියල් 30ට බිත්තර දුන්නොත් අඩුවට කේක් කන්න පුළුවන්

ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර රුපියල් 30ක වැනි මිලකට ලබා දෙන්නේ නම් කේක් නිෂ්පාදනවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එම සංගමය මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එලෙස බිත්තර රුපියල් 30ක මිලකට ලබා දුන්නද අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත හෙළීමට හැකියාවක් නොමැති බවයි ඔවුන් වැඩිදුරටත් අවධාරණය කළේ.