― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරූපලාවණ්‍ය ශිල්පීන්ට මහඟු අවස්ථාවක්

රූපලාවණ්‍ය ශිල්පීන්ට මහඟු අවස්ථාවක්

මේ වන විට වරායේ රඳවාගෙ සිටින ඇති රූපලාවණ්‍ය උපරණ තොගය ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඊයේ (26) සවස දෙහිඕවිට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ රට තුළ පැවති වාතාවරණය හමුවේ රූපලාවණ්‍ය උපකරණ ඇතුළු භාණ්ඩ රැසක් ආනයනය කිරීම නතර කළද ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ඖෂධ නියාමන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය පරිදි එම උපකරණ ආනයනය කිරීමට අවස්ථාව ලබාදුන් බවයි.

කෙසේ වෙතත් එම ආයතන දෙකෙහි අනුමැතිය ලබාගැනීමේ දී අතරමැද සිටින රූපලාවන්‍ය කටයුතු මඟින් ජීවනෝපාය සලසා ගන්නා පිරිසකගේ ගැටළුව විසඳුම් නොලැබුණු බවත්, ඒ අනුව ඔවුන්ගේ තත්ත්වය ද සලකා බලා පෙරදී තිබූ තත්ත්වයෙන් අඩක් ලෙස හෝ රූපලාවන්‍ය උපකරණ ගෙනඒමට හැකිවන පරිදි නව චක්‍රලේඛයක් සකස් කරමින් පවතින බවද අමාත්‍යවරයා පැවසුවා.

එසේම විවිධ රටවලින් නීත්‍යනුකූල නොවන ආකාරයෙන් ගෙන්වන ලද රූපලාවන්‍ය උපකරණ සහිත බහාලුම් හතරක් වරායේ රඳවාගෙන තිබෙන අතර, ඒවා විනාශ කිරීමට ද යෝජනා කළ නමුත් ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත්ව ඒවායේ ප්‍රමිතිය යහපත් නම් ප්‍රසිද්ධ වෙන්දේසියේ වෙළඳපොලට නිකුත් කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගත් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඒ අනුව පෙරකී නව චක්‍ර ලේඛය නිකුත් කරන තෙක් දැනට ගැටළුවලට මුහුණ පා ඇති රූපලාවන්‍ය ක්ෂේත්‍රෙය් නියැලෙන පිරිසට යම් සහනයක් ලැබෙන බව ද අමාත්‍යවරයා පැවසුවා.