23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවන අලියාට තැබූ වෙඩිල්ල කාන්තාවකට වදියි

වන අලියාට තැබූ වෙඩිල්ල කාන්තාවකට වදියි

අරලගංවිල දම්මින්න  ප්‍රදේශයේ පුද්ගලයෙක් ⁣ඊයේ (26) පස්වරුවේ වල් අලියකුට තැබූ වෙඩි ප්‍රහාරයක් කාන්තාවකට වැදී ඇය බරපතල තුවාල ලබා පොලොන්නරුව මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

තුවාල ලබා ඇත්තේ දම්මින්න හංදිය ගම ප්‍රදේශයෙන් පදිංචි  52 හැවිරිදි කාන්තාවක් බව පොලිසිය සඳහන් කරයි.

 මෙම කාන්තාව  නිවස ආසන්නයේ සිටියදී  වෙඩි ප්‍රහාරයට ගොදුරු වී ඇති බවද පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල කළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුව ද සමග අත්අඩංගුවට ගෙන ඇත.