― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalවිරෝධතාකරුවන් බලන්න මාලිමාවේ ප්‍රබලයින් රැසක් ජාතික රෝහලට

විරෝධතාකරුවන් බලන්න මාලිමාවේ ප්‍රබලයින් රැසක් ජාතික රෝහලට

ජාතික ජන බලවේගය විසින් ඊයේ (26) සංවිධානය කළ විරෝධතාවට පොලිසිය විසින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

එහිදී විරෝධතාකරුවන් 28 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එලෙස රෝහල් ගතකළ පිරිසගේ සුවදුක් විමසා බැලීමට එම පක්ෂයේ නායකයින් කිහිප දෙනෙක් ඊයේ (26) පස්වරුවේම කොළඹ ජාතික රෝහල වෙත ගොස් ඇති බවයි වාර්තා වුණේ.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු කිහිප දෙනෙක් මෙලෙස ජාතික රෝහලට ගොස් ඇති බව සඳහන්.