30 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංවර්ධනය වෙන රටවලට චීනයෙන් හමුදා පුහුණුව

සංවර්ධනය වෙන රටවලට චීනයෙන් හමුදා පුහුණුව

චීනය විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරීන් 5,000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඉදිරි වසර පහ තුළ අදාළ ආරක්ෂක නිලධාරීන් පුහුණු කිරීමට චීනය සැලසුම් කර තිබේ. ආරක්ෂක අභියෝගවලට මුහුණදීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි චීනය පවසන්නේ.

ඒ අනුව සංවර්ධනය වෙමින් පවතින රටවල්වලින් තෝරාගන්නා ආරක්ෂක කණ්ඩායම් සහභාගී කර ගනිමින් එම වැඩසටහන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබේ.