― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsළමා නිවාසයේ සිටි දැරියන්ට හදි කළ පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

ළමා නිවාසයේ සිටි දැරියන්ට හදි කළ පාලිකාවගේ සැමියා රිමාන්ඩ්

රක්වාන ළමා නිවාසයක බාලවයස්කාර දැරියන් 11 දෙනෙකු අපයෝජනයට ලක් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගත් එම ළමා නිවාසයේ පාලිකාවකගේ සැමියා එළැඹෙන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ 60 හැවිරිදි රක්වාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. රත්නපුර දිස්ත්‍රික් ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙම අපයෝජන සිද්ධිය ගැන ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම්වරයාට ලද තොරතුරකට අනුව රත්නපුර නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහුගේ උපදෙස් අනුව රත්නපුර ළමා හා කාන්තා පොලිස් කාර්යාංශය විසින් පරික්ෂණ සිදු කර සැකකරු පෙරේදා (25) රක්වාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

බරපතළ ලිංගික අපයෝජනයට ලක්වූ බව කියන දැරියක් මෙම ළමා නිවාසයේ රැඳී සිට වසර 18 ඉක්මවු නිසා පාලිකාවගේ නිවසේ රැඳී සිට පාසල් ගොස් ඇති බවත් ඇය ළමා නිවාසයේ භාරයෙන් යෑමට වයස එළැඹුණද ඇය භාරගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීමෙන් ඇය එම නිවසේ රැඳී සිට තිබෙන බවත් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

එම දැරිය කහවත්ත රෝහලට ඇතුළත් කර ඇති අතර රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පවත්වාගෙන ගිය මෙම ළමා නිවාසයේ පාලිකාවද මෙම සිද්ධිය අනාවරණය වීමෙන් පසු ඉවත් කරතිබෙන බවත් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය.

එම පාලිකාවගේ සැකකර සැමියාද වරින් වර ළමා නිවාසයට පැමිණ ඇති අතර වයස අවුරුදු 11 සිට 18 දක්වා දැරියන් අපයෝජනයට ලක්ව ඇතැයි පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.