― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalQR ක්‍රමය අප්‍රේල් මාසයේදී ඉවත් කරන්නේ නැහැ

QR ක්‍රමය අප්‍රේල් මාසයේදී ඉවත් කරන්නේ නැහැ

ජාතික ඉන්ධන බලපත්‍රය (QR) ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් ඔහු පවසන්නේ ඉන්ධන කෝටාවන් වැඩි කිරීම සදහා දත්ත විශ්ලේෂණය කරන බවයි. මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ඒ පිළිබඳ තීරණයක් ගන්නා බවද ඔහු දැනුම් දෙනවා.

QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට ඛනිජ තෙල් නිතීගත සංස්ථාව තීරණයක් ගත් බවට ඵලවන මාධ්‍ය වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා සිය ට්විටර් ගිණුමෙන් මේ බව සදහන් කරනවා. ජාතික ඉන්ධන බලපත්‍ර QR කේත ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන ඇති බවට පලවන මාධ්‍ය වාර්තාකර තිබුණා.

කෙසේ වෙතත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ ඉන්ධන බලපත්‍රය අහෝසි කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. මේ වන විට නිකුත් කර ඇති කෝටාවන් ක්‍රමයෙන් වැඩි කිරීමට ජාතික ඉන්ධන කෝටාව දත්ත විශ්ලේෂණය කරනු ලබන බවයි.

ඉදිරි මාස කිහිපය තුළ මුදල් අමාත්‍යාංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර ඒ පිළිබඳව තීරණ ගනු ලබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.