― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
HomeNewsවිදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජනක රත්නායක නඩු මගට

විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ජනක රත්නායක නඩු මගට

තමාගේ අනුමැතියකින් තොරව විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව අදාළ නීතිමය කටයුතු තමන් විසින් පුද්ගලිකව ගනු ලබන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.

විදෙස් ගතව සිට පැමිණ මහජන උපයෝගීතා කොමිසමේ පිහිටි සිය කාර්යාලයට අද (28) දිනයේ පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

මෙලෙස අසාධාරණව වැඩිකළ විදුලි බිලට එරෙහිව නීතියේ පිළිසරණ පතන බවත් අඩු ආදායම් ලබන කාණ්ඩවල විදුලි බිල අඩුකර ගැනීමේ ක්‍රියාවලියට තමා පුද්ගලිකව කටයුතු කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මේ අතර අද දිනයේ තම කාර්යාලයට පැමිණිය ද ඊට ඇතුළුවීමට සභාපතිවරයාට අවස්ථාව නොලැබුණේ ඊට මුද්‍රා තබා තිබීම හේතුවෙන්.