― political ―

ධීවරයන්ට අද කණකර පවා උකස් කරන්න වෙලා

රටක් ලෙස අප දේශීය හා විදේශීයව ඇමෙරිකානු ඩොලර් බිලියන 100කට ආසන්න ණය වී ඇති මොහොතක ඉන් ගොඩ ආ හැකි එකම ක්‍රමය අපනයන කේන්ද්‍රීය අධ්‍යාපනයක්...
Homeworldහොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවතට

හොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළඳීමේ නීතිය ඉවතට

හොංකොං රාජ්‍යයේ මුව ආවරණ පැළදීමේ නීතිය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව කොවිඩ් 19 වසංගතය ආරම්භයත් සමඟ පැනවූ මුව ආවරණ නීතිය හොංකොං රාජ්‍යය සම්පූර්ණයෙන්ම ඉවත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.

රෝහල්, ගුවන්තොටුපළ වැනි ඉහළ අවදානම් ස්ථානවල කාර්ය මණ්ඩලයට මුව ආවරණ පැළදීමට රෙගුලාසි පැනවීම සම්බන්ධයෙන් එම ස්ථානවල පරිපාලකයින්ට තීරණය කිරීමට එරට බලධාරීන් ඉඩ ලබාදී ඇති බව වාර්තා වන්නේ.