Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

බාල ඖෂධ 16ක් භාවිතයෙන් ඉවතට

ප්‍රමිතියෙන් තොර ඖෂධ සහ ශල්‍ය උපකරණ 16ක් භාවිතයෙන් ඉවත් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය පවසනවා. මෙම ඖෂධ භාවිතයෙන් ඉවත් කර ඇත්තේ පසුගිය...
HomeNewsPoliticalඋද්ඝෝෂණවලදී තුවාල සිදුවීම සාමාන්‍ය දෙයක්

උද්ඝෝෂණවලදී තුවාල සිදුවීම සාමාන්‍ය දෙයක්

පුද්ගලයෙක් උද්ඝෝෂණවලදී වැටී, තුවාල වීම සාමාන්‍ය දෙයක් බවත් උද්ඝෝෂණවලදී නිරතුරුවම අවම බලය භාවිත කරන ලෙසට රජය ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇති බවත් කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (28) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ, ජාතික ජන බලවේගය සංවිධානය කර තිබූ විරෝධතාවේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ රත්නපුර දිස්ත්‍රිකකයේ, නිවිතිගල ප්‍රාදේශීය සභාව සඳහා තරග කිරීමට සිටි අපේක්ෂකයෙකු මිය යාමේ සිද්ධිය අවම බලය යොදා ගැනීමක් ද? යනුවෙනි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නාම යෝජනා භාර දී ඇති අවස්ථාවක මැයි දින පෙළපාලිය හැර වෙනත් කිසිදු පෙළපාලියක් ගමන් කිරීමට මැතිවරණ නීතිය යටතේ අවසර නැති බවයි.

පොලිසිය විසින් විහාර මහා දේවී උද්‍යානයේ හා ඒ අවට ප්‍රදේශයේ නිදහසේ හැසිරෙන රැස්වීම් පවත්වන්න ඉඩ කඩ ලබා දුන්න බව ත් සඳහන් කළා. ඒ කිසිදු නියෝගයක් නොතකා කෙලින්ම කොටුව දෙසට පෙළපාලියකින් ගමන් කරන්න යාමේදී තමයි නැවැත්වීම සඳහා අවම බලය පාවිච්චි කරලා තියෙන්නේ. ඔවුන් ඉතා පැහැදිලිව කිව්වා කිසි ම ආකාරයටක බැට්න් ප්‍රහාරයක් පවා එල්ල නොකර ජල ප්‍රහාරයකින් පමණක් බැට්න් ප්‍රහාරවලින් සුළු උද්ඝෝෂණ පවා විසුරුවා හරින කොට එවැනි ප්‍රහාරයක්වත් එල්ල කළේ නැතුව කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයක් තමා එල්ල කරලා තියෙන්නේ. පුද්ගලයෙක් උද්ඝෝෂණවලදී වැටිලා තුවාල වෙන එක සාමාන්‍ය සිරිතක්. අපිත් හම්බන්තොට වරාය විකිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේදී විශාල පිරිසක් රෝහල්ගත වුණා. බන්ධනාගාරගත වුණා.