29.5 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋපන්දින සාදය අතරතුර පිහිනුම් තටාකයේ අවසන් ගමන් ගිය තරුණයා

උපන්දින සාදය අතරතුර පිහිනුම් තටාකයේ අවසන් ගමන් ගිය තරුණයා

ඇල්පිටිය – 09 කණුව ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ඊයේ (27) රාත්‍රියේ පැවති උපන්දින සාදයක් අතරතුර පිහිනුම් තටාකයකට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා.

තරුණයෙකුගේ උපන්දිනයක් වෙනුවෙන් මෙම සාදය පවත්වා ඇති අතර, එහි පැමිණි පිරිස බීමත්ව සිට ඇති බවත් පසුව පිරිස අතර සිටි ඔවුන්ගේ මිතුරෙකු ඔවුන් අසළ නොමැති බවට නිරීක්ෂණය වී තිබෙනවා.

පසුව සිදුකළ සොයා බැලීමේ දී එම තරුණයා පිහිනුම් තටාකයේ පාවෙන බවට දැක ඉන් ගොඩටගෙන ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. එම අවස්ථාවේදීත් ඔහු මියගොස් සිට ඇති බව සඳහන්.

දේහයේ පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය අද (28) සිදුකිරීමට නියමිතව අතර සිද්ධිය සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.