27.2 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔබටත් ලොතරැයි දිනුමක් ඇති බවට ඇමතුමක් ආවද?

ඔබටත් ලොතරැයි දිනුමක් ඇති බවට ඇමතුමක් ආවද?

ඔබට ලොතරැයි දිනුමක් ඇති බවට නාඳුනන අයෙකුගෙන් දුරකතන ඇමතුමක් හෝ වට්ස්ඇප් පණිවුඩයක් ලැබුණි නම් එය අනිවාර්යයෙන්ම බොරුවක්, වංචාවක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මහජනතාවට දැනුම් දී දෙයි.

ඔබත් මෙවැනි වංචාවක වින්දිතයකු වී ඇත්නම් හෝ මෙවැනි වංචා සම්බන්ධයෙන් ඔබට තොරතුරු ඇත්නම් ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙස මූල්‍ය බුද්ධි ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

මුදල් තැන්පත් කළ / තැන්පත් කරන ලෙස පවසන ලද ගිණුම් අංකය, ගිණුම් හිමියාගේ නම, අදාළ බැංකුව, තොරතුරු ලද ජංගම දුරකථන අංකය සහ අදාළ පණිවුඩවල තිර පිටපත් (Screen Shots) සමඟ මුදල් බුද්ධි ඒකකයට යොමු කරන ලෙස දැනුම්දෙයි.

#aruna