25.6 C
Colombo
Friday, December 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්ෂේත්‍ර රැසක් හෙට වැඩ වර්ජනයේ - වෛද්‍යවරුන්ගේ තීරණය අද

ක්ෂේත්‍ර රැසක් හෙට වැඩ වර්ජනයේ – වෛද්‍යවරුන්ගේ තීරණය අද

රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් හෙට (01) දිනයේදී වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් තීරණය කර තිබෙනවා.

ඒ අනුව වරාය, තෙල්, විදුලි, බැංකු, ගුරු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සංගම් මෙම වැඩ වර්ජනය සඳහා සහාය දැක්වීමටයි තීරණය කර ඇත්තේ. මෙම වැඩ වර්ජනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ඊයේ (27) දිනයේදී කොළඹදී පැවැත්වුණා.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනයට සහාය දක්වනවා ද නැද්ද යන්න තීරණය අද (28) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි එම සංගමය සඳහන් කළේ.

මෙම වැඩ වර්ජනයත් සමඟ අත්‍යවශ්‍ය සේවා පවත්වාගැනීමට නොහැකිවීම තුළ මහජනතාවට ඇතිවන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තිය සංගම් පවසන්නේ.