28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගානියා බැරිස්ටර්ට එරෙහි නඩුව මැයි 03 වැනිදා

ගානියා බැරිස්ටර්ට එරෙහි නඩුව මැයි 03 වැනිදා

කොළඹ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක වන ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිබඳ නියෝගය මැයි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියම කළා.

2019 වසරේ නොවැම්බර් මස සූදු වෑන් රථයකින් පැමිණි ආයුධ සන්නද්ධ පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් හිරිහැර සිදු කළේ යැයි අසත්‍ය පැමිණිල්ලක් සිදු කල බවට ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස්ට චෝදනා එල්ල වුණා.

විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තියේ නීතිඥවරු විසින් මීට පෙර මූලික විරෝධතා මතු කර තිබුණා.

කෙසේ වෙතත් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා විසින් අද නියෝග කලේ විත්තිය විසින් මතුකළ මුලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන මැයි මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බවයි.