22 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නැතිව කල් යයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නැතිව කල් යයි

ඡන්ද පත්‍රිකා මුද්‍රණය දින නියමයක් නොමැතිව කල් දැමූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ පැවසුවාය.

මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් සහ මුද්‍රණයට අවශ්‍ය පහසුකම් නොලැබීම හමුවේ එම පියවර ගත් බවයි ඇය සඳහන් කළේ.

ඒ අනුව දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පත්‍රිකා ඉතා සුරක්ෂිතව තබා ඇති බවත් අවශ්‍ය සියලු පහසුකම් හිමිවන්නේ නම්, දින 25 ත් 30 ත් අතර කාලයකදී සියලු ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට තම ආයතනයට හැකියාව පවතින බවත් ඇය අවධාරණය කළාය.