29 C
Colombo
Friday, July 25, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalජනපතිව විවේචනය කරන අය විකල්ප මාර්ග කියන්න

ජනපතිව විවේචනය කරන අය විකල්ප මාර්ග කියන්න

වැටුණු රට ගොඩගැනීම සඳහා ජනපති ගෙනයන වැඩපිළිවෙල විවේචනය කරන අය රට ගොඩගැනීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වාදිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සඳහන් කළේ කිසිදු සැලැස්මක් හෝ දැක්මක් නොමැතිව පටු දේශපාලන අරමුණු වෙනුවෙන් රටත් ජාතියත් විනාශ කරන අය පිළිබඳව ජනතාව කල්පනාවෙන් ක්‍රියා කළ යුතු බවයි.

එමෙන්ම පසුගිය දින කිහිපයේ රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය දියත් කර තිබුණ අතර මෙවැනි උද්ඝෝෂණ ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රදර්ශනය කරන විට නැවත අපේ රටට සංචාරකයින් පැමිණීම නතර වනු ඇති බවත් ඔහු අවධාරණය කළේය.