― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsජපානයේ වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් ලබා ගැනීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළකට එකඟතාවක්

ජපානයේ වැඩි රැකියා අවස්ථා සංඛ්‍යාවක් ලබා ගැනීමේ ප්‍රවර්ධන වැඩපිළිවෙළකට එකඟතාවක්

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් The Technical Intern Training Program (TITP) සහ Specified Skilled Worker Program (SSW) වැඩසටන් සහ එකී වැඩසටහන්වලට අවස්ථාව සලසා දෙන ජපානයේ ආයතන ප්‍රවර්ධනය කිරීම පිණිස Japan International Trainee & Skilled Worker Cooperation Organization (JITCO) ආයතනය සමග එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව JITCO ආයතනය විසින් TITP සහ SSW වැඩසටන් සහ එකී වැඩසටහන් සඳහා මෙරට පුහුණුලාභීන්ට අවස්ථාව සලසා දෙන ආයතන ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරනු ඇති අතර, එමගින් මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට තාක්ෂණික සීමාවාසික පුහුණු ලාභීන් වශයෙන් සහ විශේෂ හැකියාවන් සහිත ශ්‍රමිකයන් වශයෙන් ජපානයේ රැකියා අවස්ථා සඳහා සම්බන්ධ වීමට අවස්ථාව උදා වනු ඇත.

මෙම අවස්ථාව සඳහා (JITCO) ආයතනය නියෝජනය කරමින් Masato Kume, Naoki Komi සහ Shigeo Matsutomi යන පිරිස සහභාගී වූ අතර, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, අමාත්‍යංශ ලේකම්, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වැඩබලන සභාපති, සාමාන්‍යාධිකාරී, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු) ඇතුළු පිරිස සම්බන්ධ විය.