30 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජාතික ජන බලවේගයේ විරෝධතාව අතරතුර මියගිය පුද්ගලයාගේ දේහය පුත්‍රයාට භාරදෙයි

ජාතික ජන බලවේගයේ විරෝධතාව අතරතුර මියගිය පුද්ගලයාගේ දේහය පුත්‍රයාට භාරදෙයි

ජාතික ජන බලවේගය පක්ෂය කොළඹදී සංවිධානය කළ විරෝධතාව අතුරතුර කඳුලු ගෑස් ප්‍රහාරයකට ලක්ව රෝගාතුරව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී මියගිය නිමල් අමරසිරිගේ දේහය භූමදානය කිරිම සඳහා ඔහුගේ පුත්‍රයාට භාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද(28) කොම්පඤ්-ඤවීදිය පොලීසියට නියෝග කළේය.

කොළඹ ජාතික රෝහලේ හදිසී ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 27 වැනිදා මියගිය දොඹගම්මන දෑල, රත්නපුර නිවිතිගල පදිංචිව සිටි 61 හැවිරිදි නිමල් අමරසිරි යන අය සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොළඹ ජාතික රෝහලට ගොස් මරණය පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.