28.4 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතුයි - මහ බැංකු අධිපති

පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතුයි – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව ආර්ථික අතින් නව ගමනක් ආරම්භ කිරීමට නම් පවතින වාතාවරණයට හැඩ ගැසෙමින් ඉදිරියට යායුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

37 වන ජාත්‍යන්තර වරලත් ගණකාධිකාරී ශිෂ්‍ය සම්මේලනයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රජය පොලී හා බදු අනුපාතයන් ඉහළ දැමීම නිසා දුෂ්කර මුල්‍ය තත්ත්වයක සිටින බවට විවිධ පාර්ශව මැසිවිලි නගන නමුත් අඩු පොලී අනුපාත මත තවදුරටත් ආර්ථිකය රඳා පැවැතිය නොහැකි බවත් මුල්‍ය සහන ලැබුණු පසු ආර්ථිකය වඩා හොඳ තත්වයකට පත්වනු ඇති බවටත් නන්දලාල් වීරසිංහ මහතා විශ්වාසය පළකලා.