27.2 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාස්කු ඉරුදින නඩුවේ 17වන විත්තිකරු ජීවිතක්ෂයට

පාස්කු ඉරුදින නඩුවේ 17වන විත්තිකරු ජීවිතක්ෂයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට එරෙහි නඩුවේ 17 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින යාසීර් බාබා අබ්දුල් රවුෆ් නමැති විත්තිකරු මියයෑම හේතුවෙන් එම නඩු විභාගය මාර්තු මස 31 දක්වා කල් තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද නියම කළා.

මෙම නඩුව අද දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ 17 වන විත්තිකරු ඉකුත් 05 වන දා මිය ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කළා.

අදාළ විත්තිකරු මියගොස් තිබෙන බැවින් නඩුවට අදාළ චෝදනා සංශෝධනය කිරීමට අවසර දෙන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය චෝදනා පත්‍රය විවෘත අධිකරණයේ සංශෝධනය කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි නඩු විභාගය මාර්තු මස 31 වන දා දක්වා කල් තැබීමට කටයුතු කළේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබලදීම ඇතුළු චෝදනා 23270 ක් යටතේ නවුෆර් මව්ලවි ,සජීඩ් මවුලවි, මොහොමඩ් මිල්හාන්, සාදික් අබ්දුල්ලා, ආදම් ලෙබ්බේ, අලියස් ගවුපර් මාමා, මොහොමඩ් සනස් දීන්,හා මොහොමඩ් රිස්වාන් ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.