26.7 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක්

පුරන් කුඹුරු යළි අස්වැද්දීමට රුපියල් මිලියන 430ක්

2023 වසරේ මහ කන්නයේ දී පුරන් කුඹුරු අක්කර 12,500ක් යළි වගා කිරීමට රුපියල් මිලියන 430ක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙන් කර තිබේ.

ඒ කෘෂීකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත අපේ රටේ යළි වගා කළ හැකි පුරන් කුඹුරු නැවත අස්වැද්දීමේ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක වේ.

මේ වනවිට මෙරට නැවත වගා කළ හැකි එහෙත් අවුරුදු 05කට ආසන්න කාලයක් වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු ප්‍රමාණය අක්කර 47,000කි.තවත් අක්කර 50,000ක් පමණ පුරන් කුඹුරු තත්ත්වයට පත්ව ඇතත් ඒවා නැවත වගාව සඳහා යොදා ගැනීමට නොහැකිය.

එමෙන්ම වසරින් වසර රජයේ මුදල් යොදා ගනිමින් පුරන් කුඹුරු බවට පත්ව ඇති අක්කර 47,000ම යළි වගා කිරීම රජයේ ඉලක්කයයි.

දැනට වගා කළ හැකි එහෙත් වගා නොකර අත්හැර දමන ලද පුරන් කුඹුරු වැඩි ප්‍රමාණයක් පවතින්නේ බස්නාහිර පළාතේය.

මෙසේ වගා නොකර අත්හැර දමා ඇති පුරන් කුඹුරු වගා කිරීමේ කටයුතු රැකියා විරහිත තරුණ ප්‍රජාවට පැවරීමටත්, ඔවුන්ට තමන් කැමැති සුදුසු බෝගයක් වගා කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණය, මුල්‍ය ප්‍රතිපාදන හා වගාවට අවශ්‍ය බීජ හා අනෙකුත් යෙදවුම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නොමිලයේ සපයනු ලබයි.

එමෙන්ම මෙම මුදල් යොදා ගනිමින් එම කුඹුරුවල අබලන්ව ඇති ඇළවේළි ප්‍රතිසංස්කරණය කිරීම, අමුණු සකස් කිරීම, දැනට එම කුඹුරුවල වැවී ඇති බැද්ද ඉවත් කිරීම වැනි කටයුතු සඳහා ද යෙදවීමටයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ.