25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබලශක්ති අවශ්‍යතාව සපුරාලීමට න්‍යෂ්ටික බලාගාර ගැන අවධානය

බලශක්ති අවශ්‍යතාව සපුරාලීමට න්‍යෂ්ටික බලාගාර ගැන අවධානය

අනාගත බලශක්ති අවශ්‍යතාවය සපුරාලීම සඳහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

එම තීරණය අනුව න්‍යෂ්ටික බලශක්තිය භාවිත කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යයනය කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් හා ක්‍රියාකාරී කණ්ඩායම් 09ක් පත් කර ඇති බව වාර්තා වනවා.

ඒ පිළිබදව අද (28) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළා. දැනට න්‍යෂ්ටික බලාගාර නිෂ්පාදනය කර ඇති රුසියාව වැනි රටවලින් ණය ආධාර පදනමක් මත න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකර ගැනීම සිදුකර ගත හැකි බවට යෝජනා ඉරිදිපත්ව ඇති බවද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළා.