― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsමෙරට ලක්ෂ පහකට රැකියා අහිමි වෙලා - ලෝක බැංකුව

මෙරට ලක්ෂ පහකට රැකියා අහිමි වෙලා – ලෝක බැංකුව

පසුගිය වර්ෂය තුළ (2022) මෙරට පුද්ගලයින් ලක්ෂ පහකට පමණ අවම වශයෙන් රැකියා අහිමිව ගොස් ඇති බව ලෝක බැංකුව පවසනවා.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීක තත්ත්වය පිළිබඳ නවතම වාර්තාවක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

එම වාර්තාව මඟින් පවසන්නේ මෙරට කර්මාන්ත සහ සේවා අංශවල රැකියා කරන කාන්තාවන් වැඩි ප්‍රමාණයකට මෙලෙස රැකියා අහිමිව ගොස් ඇති බවයි. එම වාර්තාවට අනුව 2021 සහ 2022 අතර කාලය තුළ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය 13% සිට 25% දක්වා (ආසන්න වශයෙන්) වැඩි වී ඇති බව සඳහන්.

එමෙන්ම දුප්පතුන් ලෙස වර්ගීකරණය කර ඇති පුද්ගලයින්ගේ ජීවන වියදම 65%කින් ඉහළ ගොස් ඇති අතර දිළිඳු නොවන පුද්ගලයින් සඳහා එම වැඩිවීම 57%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පවතින ආහාර අනාරක්ෂිතභාවය හේතුවෙන් දැනටමත් ළමා මන්දපෝෂණය වැඩි වී ඇති බව සඳහන් කරන එම වාර්තාව, 2021 වසරේ 7.4%ක් වූ ළමා මන්දපෝෂණය 2022 වසරේදී 9.2% දක්වා වැඩි වී ඇති බව ද පෙන්වා දෙනවා.