29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsවිදේශ කටයුතු ඇමති ඉන්දියාවේ දෙදින සංචාරයක

විදේශ කටයුතු ඇමති ඉන්දියාවේ දෙදින සංචාරයක

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මාර්තු 02 වැනිදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වෙයි.

භූ දේශපාලනය සහ භූ ආර්ථිකය පිළිබඳව ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ප්‍රමුඛතම සමුළුව වන රයිසිනා සංවාදයේ අටවැනි අදියරට සහභාගි වීම සඳහායි අමාත්‍යවරයා ඉන්දියාව බලා පිටත් වන්නේ.

මෙම සමුළුවට අමතරව මාර්තු 03 වැනිදා පැවැත්වීමට නියමිත විශේෂ සංවාද ද්විත්වයකටද අමාත්‍යවරයා සහභාගී වීමට නියමිත අතර අමාත්‍යවරයා මාර්තු 04 වැනිදා දක්වා ඉන්දියාවේ රැඳී සිටිමට නියමිතයි.