29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අභියෝග ජයගන්න සහාය අවශ්‍යයි

ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික අභියෝග ජයගන්න සහාය අවශ්‍යයි

ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක්, දකුණු ආසියාවට ඇති බලපෑම්‘ යන මැයෙන් වන කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව පැවසුවා.

ඩොලර් බිලියන 11ක් වන ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන අදායමෙන් ඩොලර් බිලියන 2.8ක් හිමිවන්නේ අමෙරිකාවට සිදුකරන අපනයනවලින් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහයක් අපේක්ෂා කරන මේ මොහොතේ ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා ආයෝජනය කළ ප්‍රධාන රටවල් සියල්ල වෙතින් නිශ්චිත හා විශ්වාසනීය මූල්‍ය සහතික කඩිනමින් ලැබෙනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරන බවත් අමෙරිකානු තානාපතිනිය මෙහිදී පැවසුවා.