― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසෙවිලි තහඩු තොගයක් ලොරියකින් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් බිමට වැටී ජීවිතක්ෂයට

සෙවිලි තහඩු තොගයක් ලොරියකින් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු ඉන් බිමට වැටී ජීවිතක්ෂයට

අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි මධ්‍යස්ථානයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ සෙවිලි තහඩු තොගයක් ඉවත් කරමින් සිටි පුද්ගලයෙකු  ඉන් බිමට වැටී අද (28) දා සවස ජීවිතක්ෂයට පත්ව ඇතැයි  අතුරුගිරිය පොලීසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ හෝකන්දර හෝකන්දර උතුර පදිංචි එච්. ගුණපාල නමැති (63) හැවිරිදි  ලොරි රථ සහායකයකු බව පොලිසිය කියයි .

මෙම පුද්ගලයා (28)  දා  සවස 3 පමණ අතුරුගිරිය හබරකඩ හන්දියේ පිහිටි හාඩ්වෙයාර් ආයතනයකට ලොරි රථයකින් ගෙනවිත් තිබූ ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු  තොගයක් ඉවත් කරමින් සිට තිබේ .

එම සෙවිලි තහඩු තොගය  හාඩ්වෙයාර් ආයතයේ ස්ථාන දෙකක  ගබඩා කිරීමට නියමිතව තිබූ  අතර ඉන් එක් ස්ථානයක කොටසක් ගබඩාකොට ඉතිරි කොටස තවත් ස්ථානයකට ගබඩා කිරීම සඳහා ලොරි රථය පසුපසට ධාවනය කරමින් තිබියදී ලොරි රථයේ තට්ටුව මත රැඳී සිටි සහායකයා එක්වරම ඉන් බිමට වැටී  අනතුරකට ලක්ව තිබේ.

පසුව මේ බව දුටු හාඩිවෙයාර් ආයතයේ රැඳී සිටි පුද්ගලයින් පැමිණ අනතුරට ලක්ව සිටි පුද්ගලයා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී රෝගියා පරීක්ෂාකළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

ඒ අනුව මියගිය  ගිය පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් (01) දා සිදුකිරීමට නියමිතය