30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසංචාරකයන් වෙනුවෙන් විශේෂ බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය

සංචාරකයන් වෙනුවෙන් විශේෂ බලකායක් පිහිටුවීම කෙරෙහි අවධානය

සංචාරක කර්මාන්තයේ ප්‍රගමනය වෙනුවෙන් වූ සාකච්ඡාවක් සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ සහභාගීත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

එම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, පොලිස්පතිවරයා හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්, සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එක් විය.

මෙහි දී අමාත්‍යාංශ දෙකෙහි නිලධාරීන්ගෙන් හා උසස් පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ ආරක්ෂක කමිටුවක් පත් කිරීමටත්, අදාළ කමිටුව මගින් දෙසතියක් තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳව වූ වාර්තාවක් අමාත්‍යවරුන් දෙපළට ලබාදීමටත් තීරණය කෙරිණ.

සංචාරක කලාප තුළ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් පිළිබඳව, විශේෂයෙන්ම රාත්‍රී කාලයේ දී සංචාරක අවන්හල් විවෘත කර තබන වේලාවන් දීර්ඝ කිරීම පිළිබඳව, සංචාරක කර්මාන්තය සඳහා වූ නව නීති සම්පාදනය කිරීම පිළිබඳව, සංචාරකයන් මුහුණ දෙන යම් යම් අර්බුදකාරී තත්ත්වයන්හි දී ක්ෂනිකව ක්‍රියාත්මක වන පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ බලකායක් පිහිටුවීම ඇතුළු තීන්දු රැසකට මෙම සාකච්ඡාවේ දී එළඹ තිබේ.