28.4 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වී සරසවි සිසුවියක් ජීවිතක්ෂයට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ සිසුවියක මියගොස් ඇති බව විශ්වවිද්‍යාල පාලන අධිකාරිය පවසයි.

ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත වීමෙන් සිසුවියගේ මරණය සිදු වී ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

එම සිසුවිය ඊයේ (28) රාත්‍රී ඇය නවාතැන් ගෙන සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය තුළ කිසියම් රෝගී තත්වයකින් පෙළෙන බව අනෙකුත් සිසුවියන් දැක ඇය පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අද (01) පෙරවරුවේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය ශිෂ්‍යයාව විනෝදි ද සිල්වා නැමැති කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර ඇය කලක සිට ආතතියට ප්‍රතිකාර ලබාගත් ශිෂ්‍යාවක් බව අනාවරණය වී තිබේ.