28.9 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකුඩා දැරියක් සිපගත් හිමිනම පියා අතින් අවසන් ගමන් යයි

කුඩා දැරියක් සිපගත් හිමිනම පියා අතින් අවසන් ගමන් යයි

හෙට්ටිපොළ අගාරඋඩ ශ්‍රී සුගතාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම පහරදීමකින් පසුව ඇතිවූ හදිසි තත්ත්වයකින් පසුව අපවත් වී තිබෙනවා.

කුඩා දැරියක් අපහරණයට ලක් කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් එම දැරියගේ පියා විසින් මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස අපවත් වී ඇත්තේ වයස අවරුදු 76ක හිමිනමකි. වයස අවුරුදු 08 ක දැරියක් හා ඇගේ මව ඇතුළු කිහිපදෙනෙකු ඊයේ (28) සවස විහාරස්ථානයට පැමිණ සිටි අවස්ථාවේදී අදාළ හිමිනම විසින් දැරිය අපහරණයට ලක් කර ඇති බව මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරුව දැරිය ඒ බව සිය මවට පැවසීමෙන් පසුව මව එම සිද්ධිය ඇගේ සැමියාට දුරකථනයෙන් දැනුම් දී තිබුණා. සිද්ධියෙක පහර කෑ හිමිනම කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතරතුරයි අපවත් වී තිබෙන්නේ.