70 හැවිරිදි හිමිනමක් වයස අවුරුදු 8ක් දැරියක් බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුවතක් හෙට්ටිපොළ ප්රදේශයෙන් වාර්තා වෙයි.
සැකකාර හිමිනම අත්අඩංගුවට ගැනීම සඳහා හෙට්ටිපොල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
සැකකාර හිමිනම මාස 2ක පමණ කාලයක සිට මෙම දැරිය අපයෝජනයට ලක්කර ඇති බවටයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ. සැකකාර හිමිනම ප්රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරන අතර දැනට පලාගොස් ඇත.