31 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsදේශබන්දු තෙන්නකෝන් ගැන පෙත්සමේ තීරණය කල් යයි

දේශබන්දු තෙන්නකෝන් ගැන පෙත්සමේ තීරණය කල් යයි

ගාලුමෝදර “ගෝඨා ගෝ ගම” අරගලයට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පවත්වාගෙන යාමට හැකියාවක් තිබේ ද? නැද්ද? යන්න තීන්දුව ලබන 27 දා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය ලබා දුන්නේ.

මෙම පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බව දන්වමින් දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජෙනරාල් විකුම් ද ආබෘ යන මහත්වරු විසින් මූලික විරෝධතා මතු කර තිබුණා.

එම මූලික විරෝධතාවලට පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පිළිතුරු ලබාදුන්නා.

ඉන් අනතුරුවයි අදාළ පෙත්සම පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට වගඋත්තරකාර පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ලබන 27 වන දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

රාමලිංගම් රන්ජන් නැමැති නීතීඥවරයෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.