27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාස්කු නඩුවෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

පාස්කු නඩුවෙන් තමාව නිදහස් කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයින් බවට පත්වූ පුද්ගලයින් වන්දි අයකර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනුකර තිබෙන නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපල සිරිසේන විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් නිෂ්ප්‍රභ කරනු ලැබුවා.

රුපියල් 21000 ක ගාස්තුවට යටත්ව එම අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කරනු ලැබුවේ සංජීව මොරායස් සහ ෆ්‍රෑන්ක් ගුණවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින්.

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකළ බවට චෝදනා කරමින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසකට එරෙහිව වින්දිතයින් විසින් නඩු 108 ක් කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.