― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsපුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කිරීමට අවසර

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කිරීමට අවසර

විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙම වසරේ (2023) සිට 2026 වසර දක්වා වසර හතර තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති 330 ක් ක්‍රියාත්මක කරන බවත් රාජ්‍ය ආයතනවලින් අනුමැතිය දියහැකි ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ අනුමැතියන් දිය නොහැකි ව්‍යාපෘති වෙනුවෙන් දැනට දී ඇති තාවකාලික බලපත්‍ර අහෝසි කිරීමටත් තීරණය කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අනෙකුත් රාජ්‍ය ආයතනවලින් අවශ්‍ය බලපත් සහ අනුමැතියන් ලබා ගැනීමේ සහ එම ලබා ගෙන ඇති බලපත්‍ර දීර්ඝ කරගැනීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම ද උපදෙස් දුන් බව ද අමාත්‍යවරයා කීය.  

අමාත්‍යවරයා සහ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සහ නියෝජිතයන් සමග පැවැති සාකච්චාවකදී අමාතයවරයා එසේ පවසා තිබේ.