26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපූජිත් ජයසුන්දරගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

පූජිත් ජයසුන්දරගේ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක් කරමින් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (01) නිෂ්ප්‍රභ කළා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබූ අවස්ථාවේදී පූජිත් ජයසුන්දරගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍යතාවයක් නොමැති අතර එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසයි.

අනතුරුව එම ඉල්ලීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළා. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව නීති විරෝධී ලෙස තමන්ව අනිවාර්ය නිවාඩු යැවීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් පූජිත් ජයසුන්දර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.