― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමං ගාව කයිවාරු නැහැ - කියන දේ කරලා පෙන්නනවා

මං ගාව කයිවාරු නැහැ – කියන දේ කරලා පෙන්නනවා

කුරිරු ත්‍රස්තවාදයක් නිසා තමාට පියා අහිමි වුණා සේ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූ පවුල් රාජපක්ෂලා විසින් අනාථ කළ බවත් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේවල් යටගැසූ බවත් සමහර පරීක්ෂණ වාර්තා ජාතික ආරක්ෂාව කියා එළියට නොදුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) වත්තල පැවති ජන හමුව්වට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු ම දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගන්නා බවත් කුමන ත්‍රස්තවාදී ක්‍රියාවන් කරන අයට අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දෙන බවත්ය.

මරණීය දණ්ඩනය ලබා දීම ලිබරල් මතවාදයට විරුද්ධ යැයි පවසන අයට කියන්න ඇත්තේ කුඩු, මත්ද්‍රව්‍ය නිසා පාසල් සිසුන් පවා ඊට ගොදුරු වී ඇති බවත් එබැවින් සිංගප්පූරුවේ පවතින නීති ගෙනවිත් මත්කුඩු ජාවාරමේ යෙදී සිටින අය විනාශ කරන බව ද පැවසීය.

මීට පෙර සිටි නායකයෝ මෙන් ටෙලිෆොන්ටර් ඉදිරිපිට සිට කතා කිරීම, යම් අයකුගේ අධීක්ෂණය යටතේ කතා කිරීම, කතාවෙන් පසු සංස්කරණය කර කතාව නැවත සකස් කිරීම ආදිය තමා ළඟ නොමැති බවත් තමා කියන හැමදේම හදවතින් එන අදහස් බවත් ගමේ භාෂාවෙන් කියනවා නම් බොක්කෙන්ම එන අදහස් බවත් මේ කියන හැමදේම අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් අවධාරණය කළේය.

එසේම නාගරික සංවර්ධන අධිකාරිය වත්තල ජාඇල කටාන මීගමුව වැනි බල ප්‍රදේශවල දසදහස් ගණන් අක්කර ප්‍රමාණයක් බලහත්කාරයෙන් අයිති කර ගන්න යන්න මොහොතක මේ සඳහා මෙතෙක් විරෝධය පෑවේ කාදිනල්තුමා සහ සමගි ජන බලවේගය බවත් එහි ප්‍රතිඵලයක් ලෙස එම භූමිය ජනතාව වෙනුවෙන් බේරා ගැනීමට හැකි වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.