29.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්

මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දෙදින විවාදයක් ලබන 9 සහ 10 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් දෙදින විවාදයක් ලබා දෙන ලෙසට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී කළ ඉල්ලීමකට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් රටේ ප්‍රබල විරෝධයක් පැන නැගී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් ඇතිවීම වැදගත් බව විපක්ෂ නායකවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අනුව මෙම විවාදය සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස පැවැත්වෙනු ඇති. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පස්වරු 1.30ට රැස් වුණා.

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පාර්ලිමේන්තුවේදී පසුගිය සතියේ දින දෙකක් විරෝධතාවලද නිරත වුණා.