26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිසබයේ බැංකු ශාඛාවත් වැසෙයි

මැතිසබයේ බැංකු ශාඛාවත් වැසෙයි

වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට එක්වෙමින් පාර්ලිමේන්තුවේ ලංකා බැංකු ශාඛාවද අද (01) වසා දැමීම හේතුවෙන් එහි වැඩ කටයුතුවලට බාධා එල්ල වුණු බවට තොරතුරු වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් සේවය ලබා ගන්නේ මෙම පාර්ලිමේන්තු බැංකු ශාඛාවෙන් වන අතර ලංකා බැංකු ශාඛාව වසා දැමුණත් ජල සහ විදුලි ඇතුළු පාර්ලිමේන්තුවේ අනෙකුත් සේවා කාර්යාල සාමාන්‍ය පරිදි විවෘතව පැවතුණු බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන හෙයින් බැංකු ශාඛාව වසා දැමෙන බවට දැන්වීම් පත්‍රිකාවක්ද එහි ප්‍රදර්ශනය කර ඇති බවයි වාර්තා වන්නේ.