27 C
Colombo
Thursday, August 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරහස් පොලිසියේ නිලධාරීන් යැයි පවසා පවුම් 38ක ස්වර්ණාභරණ කොල්ල කාලා

රහස් පොලිසියේ නිලධාරීන් යැයි පවසා පවුම් 38ක ස්වර්ණාභරණ කොල්ල කාලා

රහස් පොලිසියේ නිලධාරීන් යැයි කියමින් යාපනයේ කෝපායි උදයන්කාඩු ගම්මානයේ නිවසකට ඇතුලු වූ පුද්ගලයින් දෙදෙනෙකු වයෝවෘද්ධ අඹුසැමියන් යුවල රවටා පවුම් 38ක ස්වර්ණාභරණ පැහැර ගෙන ගොස් ඇති බවට පුවතක් වාර්තා වනවා.

සැකකරුවන් දෙදෙනා විසින් අදාල නිවසේ දොරට තට්ටු කොට ඔවුන්ගේ පුතා වූ රහස් පොලිසියෙන් රැගෙන ගොස් ඇති බැවින් කට උත්තරයක් ලබා ගැනීමට අවශ්‍ය බව කියමින් නිවසට ඇතුලු වී මෙම කොල්ල කෑම සිදු කොට තිබෙන බවයි ඊයේ (28) කෝපායි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

කොල්ලකරුවන් නිවසට පැමිණෙන විට නිවසේ සිට ඇත්තේ වයෝවෘද්ධ යුවල පමණක් බවයි වාර්තා වන්නේ.කෝපායි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනවා.