32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsලක්ෂ 30ක භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

ලක්ෂ 30ක භාණ්ඩ සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

මූල්‍ය ආයතන, නිවාස සහ උසස් අධ්‍යාපන ආයතනවලින් සොරාගත් රුපියල් ලක්ෂ 30කට ආසන්න දේපළ සමඟ හිටපු සංචාරක මග මගපෙන්වන්නකු දෙමටගොඩ ගුවන් පාලම අසළදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරු සොරාගත් ලැප්ටොප් පරිගණක පහක්, ඩ්‍රොන කැමරාවක්, ටැබ් යන්ත්‍ර දෙකක්, ජංගම දුරකථන අටක්, කැමරා ආදී උපකරණ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මිරිහාන, කොහුවල, මහරගම, තලංගම, වැලිකඩ, කඩුවෙල, වැල්ලවත්ත, කොල්ලුපිටිය හා කඳාන යන පොලිස් වසම්වල පිහිටි ආයතන හා නිවාසවලින් මෙම සොරකම් සිදුකර ඇති බව පොලිසිය පැවසුවා.

වයස අවුරුදු 44 ක් වන සැකකරු අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.