26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරදකරුවන් සිව්දෙනෙක්ට මරණ දණ්ඩනය

වරදකරුවන් සිව්දෙනෙක්ට මරණ දණ්ඩනය

පිහියකින් ඇන පුද්ගලයෙකු මරා දැමීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු පුද්ගලයින් 4 දෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා.

කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් 4 දෙනෙකුටයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් විසින් මෙලෙස දඬුවම් නියම කරනු ලැබුවේ. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර තිබෙන බවයි.

ඒ අනුව ඔවුන්ට මෙම දඬුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළා. 2003 වසරේ ජුනි මස 07 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී සිදු වූ අදාළ ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණා.

මෙම නඩුවේ එක් විත්තිකරුවකු අධිකරණය මගහැර සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසට ද විනිසුරුවරයා විසින් වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.