28 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිරෝධතා හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම්

විරෝධතා හේතුවෙන් ක්ෂේත්‍ර රැසකට දැඩි බලපෑම්

ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් අද (01) ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් රාජ්‍ය ආයතන හා සේවා ස්ථාන ගණනාවක කටයුතු අඩාල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.

විශේෂයෙන් රෝහල් කටයුතුවලට මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පලකිරීම මුලික අරමුණ කර ගනිමින් ක්ෂේත්‍ර ගණනාවක වෘත්තිකයන් අද කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබෙනවා.

වෛද්‍ය, අධ්‍යාපන, වරාය, ඉන්ධන, විදුලි, ජල, බැංකු, දුම්රිය, විශ්වවිද්‍යාල, ටෙලිකොම් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති 40 ක් පමණ ඊට සහභාගී වීමට නියමිතයි.