― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතුරු තහනම් නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අතුරු තහනම් නියෝගයක්

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට ගෙන ඇති තීරණය වළක්වාලමින් එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකරට එරෙහිව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් ගොනුකළ අභියාචනා පෙත්සමක තීන්දුව දෙමින් ෆ්‍රැන්ක් ගුණවර්ධන හා විනිසුරු එම්. බී. චමත් මොරායස් යන මහත්වරුන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසිනුයි මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, මධ්‍යම කාරක සභා සාමාජික ඇතුළු තනතුරුවලින් තමන්ව ඉවත් කිරීමේ තීරණය අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පැමිණිලිකාර නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා කොළඹ දිසා අධිකරණයේ නඩු පවරා තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලූ දිසා අධිකරණය විත්තිකාර මෛත්‍රිපාල සිරිසේනට වාරණ නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරමින් නොතීසි පමණක් නිකුත් කර නඩුව විභාගයට ගැනීමට දින නියම කළා.

කොළඹ දිසා අධිකරණයේ එම නියෝගයට එරෙහිවයි නිමල් සිරිපාල ද සිල්වා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකර තිබුණේ.

එම පෙත්සමේ අවසන් තීන්දුව දෙමින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය විසින් මෙම අතුරු නියෝගය නිකුත් කළා.