― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeNewsPoliticalසජිත්ට අගමැතිකම දෙන කතාව බොරුවක්

සජිත්ට අගමැතිකම දෙන කතාව බොරුවක්

පසුගියදා සජබෙන් පළුවක් ගැලවී රනිල් සමඟ එක්වන කතාව සම්පූර්ණ අසත්‍යයක් බව සජබ ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වැඩිදුරටත් අවධාරණය කරන්නේ ජනාධිපතිවරයා ප්‍රවෘත්ති මවා පෑමට උත්සාහ ගන්නා බවත් එය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත්ය. සජබය දෙකට කැඩීමට උත්සාහ කළත් එය අසාර්ථක වීම නිසා මෙසේ ව්‍යාජ පුවත් ප්‍රචාරය කරන බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කළේය.

විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ යනු කාලය කා දමන නායකයකු බවත් ඒ බව හොදාකාරවම දන්න නිසා සජබෙ කිසිවකු රනිල් සමග සන්ධානගත වන්නේ නැති බවත් වාර්තා වෙයි. විශේෂයෙන්ම මයන්ත දිසානායක ඉල්ලා අස්වීම මේ සදහා හොදම නිදසුනක් බවයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.