10.6 C
London
Wednesday, March 22, 2023

IMF ණය වැඩපිළිවෙලට සහාය දෙන බව චීනය පවසයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශ්‍රී ලංකාවට ලබාදෙන ණය සහනයේ දී තම රජය සහාය දක්වන බව චීනය පවසනවා.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mao Ning ඊයේ (28) පැවති දෛනික මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් කියා සිටියේ සමාන, සංසන්දනාත්මක ආකාරයකින් ණය ලබා දෙන ලෙසත්, බහුපාර්ශ්වික ණය හිමියන් ඔවුන්ගේ උපරිමය කිරීමට දිරිමත් කරන ලෙසත් චීනය වාණිජ ණය හිමියන්ගෙන් (ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් ඇතුළුව) ඉල්ලා සිටින බවයි.

චීන අපනයන-ආනයන බැංකුව ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යාංශයට මූල්‍ය ආධාර ද ලබා දුන් අතර 2022 සහ 2023 දී ගෙවීමට නියමිත ණය සඳහා දිගුවක් ලබා දීමට යන බව ද මාඕ නින්ග් ප්‍රකාශ කර තිබෙනවා.

ඇය සඳහන් කළේ චීනය කටයුතු කරනු ලැබුවේ එරට පවතින ප්‍රතිපත්තිය සහ ණය ප්‍රශ්නය පිළිබඳ ස්ථාවරය මත පදනම්ව බවයි.

ඒ අතරම චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සාම්ප්‍රදායික මිත්‍රත්වය ද එයින් පිළිබිඹු වන බවයි ඇය පෙන්වා දෙන්නේ.

චීනයේ ක්‍රියාව මගින් ශ්‍රී ලංකාවට ණය තිරසාරභාවය ළඟා කර ගැනීම සඳහා සහාය වීමට ඇති අවංකභාවය සහ උත්සාහය මෙමගින් සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන බව ද Mao Ning සඳහන් කරනවා.

ණය ලබාදීම සඳහා අදාළ මූල්‍ය ආයතනවලට චීනය අඛණ්ඩව සහාය දෙන අතර ශ්‍රී ලංකාවට අර්බුදකාරී තත්ත්වය මඟ හරවා ගැනීමටත්, එහි ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් උපකාර කිරීම සඳහා ඒකාබද්ධව ධනාත්මක කාර්යභාරයක් ඉටු කිරීමට අදාළ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ එක්ව කටයුතු කරන බවයි චීනය ප්‍රකාශ කරන්නේ.

චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රතිපත්තියක් ලෙස චීනය සංවර්ධනය වෙමින් පවතින රටවල ණය ප්‍රශ්නය බැරෑරුම් ලෙස සලකන අතර සංවර්ධනය වෙමින් පවතින රටවල ණය බර ලිහිල් කිරීමට සහ ඔවුන්ගේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරීව දායක වන බවයි.

අදාළ රටවල සැබෑ දුෂ්කරතා සඳහා අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබා දීම සඳහා සෙසු ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට ද සූදානම් බව චීනය පෙන්වා දෙනවා.

අප‍්‍රිකාවට තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමට උපකාර කිරීම සඳහා මූල්‍ය ආධාර සැපයීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංවර්ධිත රටවලින් සහ ජාත්‍යන්තර බහුපාර්ශ්වික මූල්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවයි චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mao Ning වැඩිදුරටත් සඳහන් කළා.

Latest

ඉක්වදෝරයේ මාධ්‍යවේදීන්ට තැපෑලෙන් පුපුරණ පෙන් ඩ්‍රයිව්

ඉක්වදෝරයේ මාධ්‍යවේදින් ඉලක්ක කර තැපෑල හරහා පුපුරණ ද්‍රව්‍ය යැවීමේ...

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල...

Don't miss

රට වැටුනට පස්සේ රටේ නායකත්වය භාර ගන්න සමහරු ඇඳුනුත් මහලා – මහින්දානන්ද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නොලැබී ආණ්ඩුව වැටුණු පසු රටෙි...

ණය ගැනීම ගැන ලැජ්ජා වෙන්න ඕන – විජිත හේරත්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ණයක් ඉල්ලා යාමට සිදුවීම ගැන...

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ඩිලාන්ට

ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ...

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය ගාමිණී ලොකුගේට

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය...

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු වසන් කරන්නේ නැහැ – බන්දුල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම...

පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරෙන් සිරකරුවෙක් පැනගිහින්

හෙරොයින් මත් කුඩු සන්තකයේ තබා ගැනීමේ වරදට පසුව මාස 06ක සිරදඬුවමක් නියමව පුනරුත්ථාපනය සඳහා පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරට යොමුකොට සිටි සිරකරුවෙකු අද (21) පෙරවරුවේ පලා...

විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයෙන් තීරණයක්

වෘත්තිය ක්‍රියාමාර්ග පැවතුණද සියලුම විශ්විද්‍යාලවල විභාග කටයුතු පැවැත්වීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. මේ සම්බන්දයෙන් ඔවුන් අද කොළඹදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති...

ව්‍යාපාරික පියාගේ ගනුදෙනු ප්‍රශ්ණයකට පුතාව පැහැරගෙන ගිහින්

මහනුවර ව්‍යාපාරිකයෙකුගේ ව්‍යාපාරික ප්‍රශ්නයක් මත එම ව්‍යාපාරිකයාගේ දාහත් හැවිරිදි පාසල් යන පුත්‍රයා පැහැරගෙන ගිය බව කියන්න පුද්ගලයෙකු සොයා පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ. හන්තාන ප්‍රදේශයේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here