28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් ගුවන්යානයක තැබීමට ගිය පුද්ගලයෙකු අල්ලයි

පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් ගුවන්යානයක තැබීමට ගිය පුද්ගලයෙකු අල්ලයි

ගුවන්යානයක පුපුරණ ද්‍රව්‍ය සහිත ගමන් මල්ලක් තැබීමට උත්සාහ කළ පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගැනීමට පෙන්සිල්වේනියා “Lehigh Valley” ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලධාරීන් සමත් වී තිබේ.

මාක් මෆ්ලි නැමති පුද්ගලයෙක්ට අයත් ගමන් මල්ලක් ගුවන්යානයට දැමීමට පෙර පරීක්ෂා කරන විට අනතුරු හැඟවීමේ සංඥා නිකුත්වී තිබුණි.

අනතුරුව එම ගමන්මල්ල වෙන්කර පරීක්ෂා කරන විට එහි පුපුරණ ද්‍රව්‍ය තිබී ඇත. පුපුරණ ද්‍රව්‍ය හමුවීමෙන් පසුව මාක් මෆ්ලිව ආරක්ෂක නිලධාරීන් කැඳවා ඇති නමුත් ඔහු ගුවන්තොටුපොළෙන් පැනගොස් තිබුණි.

නමුත් පසුව ඔහුව නිවසේ දී අත්අඩංගුවට ගෙන තිබේ.