10.2 C
London
Friday, March 31, 2023

පෞද්ගලික බැංකු සමඟ ගනුදෙනු කරන්න රාජ්‍ය අංශයට අවසර

හදිසි අවශ්‍යතාවලදී ප්‍රයෝජනයට ගැනීම සඳහා පෞද්ගලික බැංකුවලත් ගිණුම් විවෘත කිරීමේ අවස්ථාව රාජ්‍ය ආයතනවලට ලබාදීමට තීරණය කර තිබෙනවා.

මේ වනවිට රජයට අයත් සංස්ථා, දෙපාර්තමේන්තු ඇතුළු සියලූම ආයතනවල ගිණුම් රාජ්‍ය බැංකුවලයි පවත්වාගෙන යනු ලබන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ රාජ්‍ය බැංකු කාර්ය මණ්ඩල අකුරට වැඩ කිරීම, වැඩ වර්ජනය කිරීම ආදී ක්‍රියාමාර්ගවලට යොමු වීම හේතුවෙන් පොදු මහජන සේවා පවත්වාගෙන යෑම විශාල ගැටලුකාරී තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව අද පැවති විශේෂ කැබිනට් හමුවකදී අමාත්‍යවරුන් විසින් ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබෙනවා.

විශේෂයෙන්ම ඛනිජ තෙල් මිලදී ගැනීම, ගෑස් මිල දී ගැනීම, ඖෂධ මිලදී ගැනීම වැනි ඉතාමත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නියමිත වේලාවට ණයවර ලිපි නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජන ජීවිත ඉතාමත් ව්‍යසනකාරී තත්ත්වයකට පත්වනු ඇති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

මෙම තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් මින් ඉදිරියට රාජ්‍ය ආයතනවල ගිණුම් හදිසි අවශ්‍යතාවයකදී කටයුතු කළ හැකි පරිදි පුද්ගලික බැංකුවල ද විවෘත කර පවත්වාගෙන යෑමේ අවස්ථාව ලබාදිය යුතු බවට අමාත්‍යවරුන් විසින් යෝජනා කර තිබෙනවා.

එහිදී මුදල් අමාත්‍යංශයේ පූර්ව අනුමැතියක් සහිතව මෙම කටයුත්තට අනුමැතිය ලබා දිය යුතු බවටයි ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇත්තේ.

Latest

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව...

මව් කිකිළියන් මසට විකිණීම වැඩි වෙලා

බිත්තර නිෂ්පාදකයින් මව් කිකිළියන් මස් සඳහා විකිණීමට පෙළඹීම හේතුවෙන්...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

දියේ ගිලීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

පින්දෙණිය ප්‍රදේශයේදී කුඩා දැරියක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 10 හැවිරිදි වියේ පසුවූ පින්දෙණිය ආටාල ප්‍රදේශයේ පදිංචි දැරියකි. සිය නිවස අසළ පිහිටි...

පුද්ගලික ආරවුලක් මරණයකින් කෙළවර වෙයි

මට්ටක්කුලිය, කැළණි ගඟ මෝල පාරේදී තියුණු ආයුධවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට ඊයේ (30) රාත්‍රියේ...

තරුණයෙකු පැදවූ වෑන් රථයක් නිසා පොලිස් නිලධාරියෙක්ට තුවාල

ජාත්‍යන්තර පාසලක සිසුවෙකු පැදවූ වෑන් රථයක් රථවාහන රාජකාරියේ නරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුගේ ගැටීමෙන් එම නිලධාරියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව සිටින්නේ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here