10.2 C
London
Friday, March 31, 2023

විහාරාධිපතිකම ඉල්ලා හිමිනමක් පැය 8ක් ගහක් උඩ උපවාසයක

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිකම ඉල්ලා එම විහාරස්ථානයේ හිමිනමක ගසකට නැග පැය 8 ක උපවාසයක නිරත වූ බව පඩුවස්නුවර පොලිසිය පවසයි.

පඬුවස්නුවර රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩහිදි උහන්ගොඩ ශ්‍රී රතනසාරාභිධාන හිමිපාණන්ගේ අභාවයෙන් පසුව එම විහාරස්ථානයේ විහාරාධිපති ධූරය විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය මිරිහානේගම සුමනසිරි හිමියන්ට පවරාදීමට මල්වතු අස්ගිරි විහාරස්ථානය මගින් දැනුම් දී තිබේ.

අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ තවත් ගෝල හිමිනමක් වන ගලගෙදර විපුලසාර හිමියන් තමන්ට විහාරස්ථානයේ විහාරාධිපතිකම  තමන්ට  ලබා දෙන්න යැයි බල කරමින්  හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ හිරිපොකුණ ප්‍රදේශයේ ගසක් උඩට නැගී පැය අටකට වැඩි කාලයක් උපවාසයක නිරත විය.

විහාරාධිපතිකම හිමිවූ මිරිහානේගම සුමනසිරි හිමිපාණන් මෙම විහාරස්ථානයේ වාසය කළ අතර ගලගෙදර විපුලසාර හිමිපාණන්ද විහාරස්ථානයේ  වාසය කර ඇත. 

ගලගෙදර විපුලසාර හිමිපාණන් නිරන්තර ගැටුම් ඇති කර ගැනීමට උත්සාහ දරන බව හෙට්ටිපොල පොලිසියට කිහිප අවස්ථාවකදීම පැමිණිලි ලැබීම  ඇති අතර මාසයකට වැඩි කලක් විහාරස්ථානයට පොලිස් ආරක්ෂාව ලබාදීමට සිදුවිය. 

හිමිනම දුරකතනය රැගෙන ගසට නැග තිබූ අතර ගසකට නැගීමට හේතුව කවරේදැයි එම හිමිනමගෙන් දුරකතනයෙන් විමසූ අතර උන් වහන්සේ පැවැසූවේ තමාට හිමි විහාරාධිපතිකම වෙනත් හිමිනමක් උදුරා ගන්නට උත්සාහ දරන බවත් එම හිමිනමගේ ඉල්ලීමට යොදවා ඇති පොලිස් ආරක්ෂාව ඉවත් කරනතුරැත් තමා ගස තුල උපවාසයේ යෙදෙන බවත් එම හිමිනම පැවසීය. 

කෙසේ වෙතත් පැය අටකට පමණ පසුව හිමිනම ගහෙන් බිමට බැස්ස අතර ගිලන් රථයකින් හෙට්ටිපොල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යාමට පියවර ගැනිණ. 

Latest

රත්‍රං යළි ගණන් උස්සයි

මෙරට රන් මිල අද (31) දිනයේදී යළිත් වරක් ඉහළ...

ඩයනාගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කරන්න කල් දෙයි

සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස සහ මහලේකම්වරයා...

එළවළු මිල පහළට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා...

චීනයේ විරෝධතා මැද තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවට

මේ දිනවක ඇමරිකාවේ සංචාරයක නිරත වී සිටින තායිවාන ජනාධිපතිනි...

Don't miss

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙයයි – ජනපති

ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඇති අවසාන අවස්ථාව මෙය බවත්,...

දූෂණ විරෝධී පනත ගෙනාවේ IMF කියපු නිසා නෙමෙයි

දුෂණ විරෝධී පනත ගෙනාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කී නිසා...

මා ගැන පැතිරෙන කටකතා බොරු – මහින්ද රාජපක්ෂ

තමාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් 02 වැනිදා පැවැත්වීමට නියමිත ජන රැලියක්...

රනිල් දෙවෙනි වෙන්නේ හුසේන් බෝල්ට්ට පමණයි – ඩයනා ගමගේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යනු ලෝකය ඉදිරියේ රටක් පාලනය කරන...

රට බංකොලොත් වුණේ පැවැති රජයන්වල දූෂණ, වංචා නිසා

රට මේ තත්ත්වය දක්වා බංකොලොත් වුණේ පැවැති රජයන්වල පැවැති...

මිදිගම හෝටල් හිමිකරුගේ ඝා+තනය සම්බන්ධයෙන් තොරතුරු රැසක් හෙළිවෙයි

මිදිගම ප්‍රදේශයේ රාත්‍රී සාද පවත්වන හෝටල් හිමිකරුවකු වන පසිඳු සඳරුවන් හෙවත් 'බබා' නැමැත්තාව ඊයේ (29) සවස වෙඩි තබා ඝාතනය කර තිබේ. ඔහු සමග 'හරක්කටා'ගේ පාර්ශ්වයට...

මැල්සිරිපුර ගොවීන් 3000කට සහනාධාර අහිමිකළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම්

මැල්සිරිපුර රඹේ ගොවීන් 3000කට අධික පිරිසකට රජය ලබා දුන් සහනාධාර අහිමි කළ සංවර්ධන නිලධාරියාගේ වැඩ තහනම් කළ බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි. මැල්සිරිපුර රඹේ ගොවිජන සේවා...

යතුරුපැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා වහලක් උඩට යැවූ යතුරුපැදි අනතුර

හොරණ ගුරුගොඩ සමෘද්ධි බැංකුව අසල දී අද පස්වරුවේ සිදු වූ අනතුරකින් යතුරුපැදියක ගිය දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෝටර් රථයක් සහ යතුරුපැදියක්...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here