― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඉන්ධන ලබා ගැනීමට අද සිට ගොවීන්ට ටෝකන් පත්

ඉන්ධන ලබා ගැනීමට අද සිට ගොවීන්ට ටෝකන් පත්

චීන රජය පරිත්‍යාග කළ ඉන්ධන අද සිට ම ලබා ගත හැකි පරිදි ටෝකන් පත් ගොවීන්ට නිකුත් කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව අද දින සිට සියලුම ගොවීන්ට අදාළ ඉන්ධන, නම් කරන ලද පිරවුම්හල්වලින් ලබා ගැනීමට හැකි බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ. චීන රජය විසින් මෙරට වී වගා කරන ගොවි ජනතාවට වගා කටයුතු සදහා භාවිතා කිරීමට නොමිලයේ ඩීසල් ලීටර් මිලියන 6.98ක් පරිත්‍යාග කරනු ලැබුවා.

ගැටලු කිහිපයක් නිසා එම ඉන්ධන ගොවීන්ට බෙදාහැරීම ප්‍රමාද වූ අතර වහාම එම ඉන්ධන ගොවීන් වෙත බෙදාහැරීමට පියවර ගන්නා ලෙසටයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරින්ට හා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත්තේ.

මෙම ඉන්ධන බෙදාහැරීම සම්බන්ධව ඊයේ (01) පස්වරුවේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත් වුණා. වහාම මෙම ඉන්ධන තොගය ගොවීන් වෙත නොමිලයේ බෙදා හැරීම සඳහා කටයුතු කරන ලෙසට අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට එහිදී උපදෙස් දෙනු ලැබුවා.

ඒ අනුව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ඊයේ රාත්‍රිය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 05ක් හැර අනෙකුත් සියලුම දිස්ත්‍රික්කවල ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම පහසු කරවීම සඳහා අදාළ ටෝකන් පත් නිකුත් කර අවසන් කරනු ලැබුවා. ටෝකන් පත් යැවීමට නොහැකි වු කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක 5ට අද දිනය තුළ ඉන්ධන ටෝකන් පත් යැවීමට පියවර ගන්නා බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්. එම්. ඒ. එල්. අබේරත්න සඳහන් කළේ.

මේ අනුව අක්කර භාගයේ සිට අක්කර දෙකහමාර දක්වා වී වගා කළ ගොවීන්ට මෙම ඉන්ධන සහනය හිමිවන අතර හෙක්ටෙයාර් එකක් සඳහා ඩීසල් ලීටර් 15ක් හිමි වනවා.