28.9 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකෝප් කමිටුවේ සභාපති ධූරයට නැවතත් හර්ෂගේ නම යෝජනා වෙයි

කෝප් කමිටුවේ සභාපති ධූරයට නැවතත් හර්ෂගේ නම යෝජනා වෙයි

පුරප්පාඩු වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා නැවත නම් කළ බව සමගි ජන බලවේගය නිවේදනය කරයි.

ඊයේ (01) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තේරීම් කාරක සභා රැස්වීමේදී සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිල්ල සඳහන් කළේ මෙම යෝජනාව පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කළ බවයි.

විපක්ෂයේ සියලුම පක්ෂවල එකඟතාවය මත තේරීම් කමිටු සභාපති ධුරය සඳහා හර්ෂ ද සිල්වාගේ නම යෝජනා වී ඇති බව වාර්තා වේ. කෙසේ වෙතත් මෙම යෝජනාව සම්බන්ධයෙන් කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සියලුම පක්ෂවල නියෝජිතයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතිය ලබාගත යුතුව තිබෙනවා.

කෝප් සහ කෝපා කමිටුවල සභාපතිවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ අදාළ කමිටු බහුතරයකගේ සහයෝගය ඇතිව වන අතර රජයේ මුදල් පිළිබඳ තේරීම් කාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ අනුමැතිය මත සිදු කෙරේ.

ආණ්ඩු පක්ෂයේ යෝජනාවට අදාළව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති ධුරයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ඉල්ලා අස් විය.