29 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දය ගැන මැකෝගේ තීරණය හෙට

ඡන්දය ගැන මැකෝගේ තීරණය හෙට

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා හෙට දිනයේ තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

මෙම මැතිවරණය පැවැත්වීම පිළිබද රිට් පෙත්සම සලකාබැලීම අධිකරණය විසින් මැයි මස 11 වනදා දක්වා කල් දමනු ලැබුවා. කෙසේ වෙතත් රාජ්‍ය සේවකයින් ඇතුළු නාමයෝජනා භාරදුන් අපේක්ෂකයින් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රමුඛ නිලධාරීන් හෙට දිනයේදී රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි.

ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව ඉකුත් මස 24 වැනිදා රැස්වූ අතර එහිදී ඔවුන් තීරණය කරනු ලැබුවේ සිය පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් මාර්තු 09 වනදා පළාත් පාලන ආයනත ඡන්ද විමසීම නොපැවැත්වීමටයි.